ප්‍රේරක තුළින් සරල ධාරා ගැලීම
  ශුද්ධ ප්‍රේරකයක් යනු ප්‍රතිරෝධය රහිත කල්පිත ප්‍රේරකයකි. මෙය කම්බි ඔතා සකස් කරන උපාංගයක් බැවින් ප්‍රායෝගික ව ප්‍රතිරෝධය රහිත ප්‍රේරකයක් සකස් කළ නොහැකිය. පහළ පළමු රූපයේ දැක්වෙන ලෙස ප්‍රේරකයක් දෙපසට සරල ධාරා වෝල්ටීයතාවක් යෙදූ විට දෙවන රූපයේ දැක්වෙන පරිදි එක්වර ම ධාරාව උපරිම අගයට පත් නොවේ. ධාරාව උපරිමය දක්වා වර්ධනයට වීමට යම් කාලයක් ගත වේ. එනම් ධාරාව උපරිම වන්නේ වෝල්ටීයතාව උපරිම වී යම් කාලයකට පසුව ය.

23.jpg
(c) Shilpa Sayura Foundation 2006-2017