ප්‍රතිරෝධක, ප්‍රේරක හා ධාරිත්‍රක පරිපථවල සරල ධාරා ගැලීම
 

සරල ධාරා සැපයුමකට ප්‍රතිරෝධකයක්, ප්‍රේරකයක් හෝ ධාරිත්‍රයක් සම්බන්ධ කළ විට ඒවා එකිනෙකට වෙනස් හැසිරීම් පෙන්වයි. ප්‍රතිරෝධයක් තුළින් සරල ධාරාවක් ගලා යාමේ දී විදුලි ශක්තිය තාපය ලෙස හානි වේ. නමුත් ශුද්ධ ප්‍රේරකයක් හෝ ධාරිත්‍රයක් වෙතට සරල ධාරා වෝල්ටීයතාවක් සැපයූ විට ශක්තිය පිළිවෙළින් චුම්භක සහ විද්‍යුත් ක්‍ෂේත්‍ර ලෙස ගබඩා වේ. එහෙත් ප්‍රයෝගිකව ශුද්ධ ප්‍රේරක ලබා ගත නොහැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017