ක්‍රි.පූ. 89-76
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 12 යි)
වළගම්බා රජ මායා රටින් බලපිරිස් ගෙන අනුරාධපුරයට ගොස් දාඨිය දෙමළ රජු මරා ක්‍රි.ව. 89 දී නැවතත් රාජ්‍යය ලද්දේය. ඉක්‌බිති රජ තෙමේ ගිරි නම් නිගණ්‌ඨයා වාසය කළ ආරාමය බිඳවා ඒ ස්‌ථානයේ මහා විහාරයක් කරවීය. ඒ වෙහෙරට තමන්ගේ අභය යන නාමය හා නිගණ්‌ඨයාගේ ගිරි යන නාමය එක්‌කොට අභයගිරි යන නාමය තැබීය. දෙමළ සේනාව විසින් ගෙන යන ලද (සෝමා දේවිය) බිසවුන් නැවත ලැබ ඒ බිසවුන්ගේ නම් කොට සෝමාරාම විහාරය ද ගල් ගුහාවල් කීපයක් ද විහාරද කරවන ලද්දේය.
ත්‍රිපිටක පාලිය ද එහි අර්ථ කථාවද පෙර භික්‌ෂුහු පරම්පරා කටපාඩමෙන් ගෙන ආවෝය. වළගම්බා රජුගේ කාලයේ දී භික්‌ෂූහු, සත්වයන්ගේ පරිහානි දැක ධර්මයාගේ චිරස්‌ථීතිය පිණිස පොත්හි ලියවූහ. මාතුළ ජනපදයෙහි විශාල ගල්ලෙනක් වූ අලුවිහාරයේ දී තෙරුන් වහන්සේලා පන්සිය දෙනකුන් විසින් එය කරන ලද්දේය. වළගම්බා රජ තෙමේ මෙසේ දොළොස් අවුරුද්දක් ද ආදියෙහි පස් මසක් ද රාජ්‍යය කෙළේය.
