මෙමඟින් ක්‍රමාංකන අග්‍රයේ සඳහන් කර ඇති සංඛ්‍යාතයෙන් යුතු තරංගයක් දෝලනේක්ෂය මඟින් පිට කරන අතර එය නාළිකා අංක 1ට හෝ 2ට ලබා දුන් විට තිරය මත දක්නට ලැබෙන තරංගය අධ්‍යයනය කිරීම මඟින් දෝලනේක්ෂය නිවැරදි ව ක්‍රියා කරන බව තහවුරු කරගත හැකි ය. එනිසා දෝලනේක්ෂය පරිපථයකට සම්බන්ධ කර තරංග නිරීක්ෂණයට පෙර ඉහත තරංග භාවිත කර ක්‍රමාංකනය කිරීම කළ යුතු වෙයි.