දෝලනේක්ෂය
 ඕනෑම විද්‍යූත් සංඥාවක හැඩය, එහි වෝල්ටීයතාව සහ කාලාවර්තය ගණනය කළ හැකි උපකරණය දෝලනේක්ෂය යි (Oscilloscope). තහඩු දෙක බැගින් තිරස් ව සහ සිරස් ව තබා ඉලෙක්ට්‍රෝන කදම්භයක් තහඩු අතරින් ගමන් කිරීමට සැලැස්වූ විට එම ඉලෙක්ට්‍රෝන කදම්භය ධන ආරෝපිත තහඩු දෙසට උත්ක්‍රමණය වෙයි. මෙම තහඩුවලට යොදන වෝල්ටීයතාව වෙනස් කිරීමෙන් ඉලෙක්ට්‍රෝන කදම්බයේ උත්ක්‍රමණයේ විශාලත්වය පාලනය කළ හැකි ය.

මෙලෙස තලය තිරස් ව තබන Y තහඩු දෙකක් මඟින් ඉලෙක්ට්‍රෝන කදම්බය සිරස් ව උත්ක්‍රමණය කළ හැකි ය. තලය සිරස් ව තබන X තහඩු දෙකක් මඟින් ඉලෙක්ට්‍රෝන කදම්බය තිරස් ව උත්ක්‍රමණය කළ හැකි ය. මෙම තහඩු දෙවර්ගය ම එකවර භාවිත කළ විට ඉලෙක්ට්‍රෝන කදම්බය ගමන් කරන්නේ X හා Y යන තහඩු දෙක ම මඟින් ඇතිකරන උත්ක්‍රමණවල සම්ප්‍රයුක්ත ගමන් මාර්ගයක ය.
(c) Shilpa Sayura Foundation 2006-2017