ඉලෙක්ට්‍රොනික පරිපථ යොදා ගැනීමෙන් කුඩා විදුලි ධාරා නිවැරදි ව මැනගත හැකි වේ. මේ අනුව සාදා ඇති නවීන ආකාරයේ සංඛ්‍යාංක බහු මීටර විදුලි රාශීන් මැනීමට බහුල ව භාවිත කරයි. මේවා මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ ධාරා සඳහා ද සංවේ දී වේ. සංඛ්‍යාංක බහු මීටරයක ඇති වාසිය නම් මනිනු ලබන රාශියේ සංඛ්‍යාත්මක අගය ස්වයංක්‍රීයව තිරය මත දිස්වීමයි.