මල්ටි මීටරය ප්‍රතිරෝධ මැනීමට යොදා ගැනීම (ඕම් මීටරයක් ලෙස)
  ප්‍රතිරෝධ මැනීමේ දී සල දඟර පරිපථය වෙතට බාහිර වෝල්ටීයතාවක් නොසපයන අතර බහු මීටරය තුළ ඇති බැටරි සැපයුම මඟින් ලබාගන්නා ධාරාව ප්‍රතිරෝධකය තුළින් ගලා යාමට සලස්වා පරිමාණය ක්‍රමාංකනය කෙරේ.

ඒෂනි දෙක විවෘත ව ඇති නිසා ධාරාවක් ගලා නොයන අතර දර්ශකය වම් පස පිහිටයි. ඒෂනි දෙක එකට සම්බන්ධ කළ විට ප්‍රතිරෝධය ශුන්‍ය වන අතර උපරිම ධාරාවක් බාහිර පරිපථය තුළින් ගලා ගොස් දර්ශකය දකුණු පසට ගමන් කරයි.

එම අවස්ථාවේ දී දර්ශකය ශුන්‍ය තෙක් ළඟා වීම අභ්‍යන්තර සැපයුමේ තත්ත්වය මත රඳා පවතින නිසා දර්ශකය ශුන්‍ය තෙක් ගෙන ඒම ශූන්‍ය සීරුමාරු කිරීමේ විචල්‍ය ප්‍රතිරෝධකය මඟින් කළ හැකි ය. එනිසා ප්‍රතිරෝධය මැනීමට බහු මීටරයේ පරිමාණය ක්‍රමාංකනය කර ඇත්තේ දකුණු පස සිට වම් පස දක්වා වේ.
18.jpg
(c) Shilpa Sayura Foundation 2006-2017