බහු මීටරය ධාරාව මැනීම සඳහා භාවිත කිරීම (ඇමීටරයක් ලෙස)
  බහු මීටරයක් ඇමීටරයක් ලෙස භාවිත කිරීමේ දී එහි ප්‍රතිරෝධය ශුන්‍යයට ආසන්න වේ නම් එය පරිපූර්ණ තත්ත්වයට සමීප වේ. ඇමීටරයක් ලෙස භාවිත කිරීමේ දී එය ශ්‍රේණිගත ව පරිපථයට සම්බන්ධ කළ යුතු නිසා ප්‍රතිරෝධය අඩු කිරීමට සල දඟර උපකරණයට සමාන්තර ව ඉතා අඩු ප්‍රතිරෝධි අගයන්ගෙන් යුතු ප්‍රතිරෝධක පහත රූපයේ දක්වා ඇති පරිදි සම්බන්ධ කර ඇත. එවිට සල දඟරය තුළින් ගලායන්නේ සම්පූර්ණ ධාරාවෙන් ඉතා කුඩා කොටසක් වන අතර එය සම්පූර්ණ ධාරාවේ නියැදියකි. එවිට දර්ශකය මඟින් ධාරාවට සමානුපාතික උත්ක්‍රමණයක් දැක්වේ.
17.jpg
(c) Shilpa Sayura Foundation 2006-2017