පරිපූර්ණ මීටර (Ideal meters)
 විභව අන්තර මැනීමට වෝල්ට් මීටරය ද ධාරාව මැනීමට අමීටර ද භාවිත කෙරේ. වෝල්ටීයතාව මැනීමට අවශ්‍ය ස්ථාන දෙකට සමාන්තර ව වෝල්ට් මීටර සම්බන්ධ වන අතර ඇමීටරය පරිපථයට ශ්‍රේණිගතව සම්බන්ධ කෙරේ. සමාන්තරගත ව වෝල්ට් මීටරයක් සම්බන්ධ කිරීමෙන් බලාපොරොත්තු වන්නේ එම ලක්ෂ්‍ය දෙක හරහා ගලා යන ධාරාව මඟින් ඇති කරන විභව අන්තරය මැනීම ය.

එබැවින් වෝල්ට් මීටරය හරහා ධාරාව ගමන් නොකළ යුතු ය. එහෙයින් පරිපූර්ණ වෝල්ට් මීටරයක ප්‍රතිරෝධය අනන්තයක් විය යුතු ය. එමෙන් ම ශ්‍රේණිගත ව සම්බන්ධ කරන ඇමීටරයෙහි ප්‍රතිරෝධය මඟින් පරිපථය තුළින් ගලා යන ධාරාවට කිසිම බාධාවක් නොවිය යුතු ය. එබැවින් පරිපූර්ණ ඇමීටරයක ප්‍රතිරෝධය ශුන්‍ය විය යුතු ය. නමුත් ප්‍රායෝගික ව පරිපූර්ණ මීටර් ලබා ගත නොහැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017