පරිපථ උපාංග දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් සමාන්තරගත ව සම්බන්ධ කර ඇති විට එම සමාන්තරගත සම්බන්ධයේ ඇති සෑම උපාංගයකට ම එක සමාන විභව අන්තරයක් ලැබෙයි. වෝල්ට්මීටරයක් එම උපාංගයට සමාන්තරගත ව සම්බන්ධ කිරීමෙන් විභව අන්තරය මැනගත හැකි ය.
විදුලි සැපයුමක සම්බන්ධ කර ඇති පරිපථයක R1, R2 සහ R3 යන ප්‍රතිරෝධක තුන සමාන්තරගත ව සම්බන්ධ කර තිබෙන අවස්ථාවක පහත රූපයේ පරිදි ඇමීටර සම්බන්ධ කර ඇත්නම්, ප්‍රතිරෝධක දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් සමාන්තරගත ව සම්බන්ධ කර ඇති විට එම ජාලයේ ඇති ප්‍රතිරෝධක හරහා සමාන විභව අන්තරයක් පවතී. මෙවැනි පද්ධතියක එක් එක් ප්‍රතිරෝධකය තුළින් ගලන විදුලි ධාරාවන්ගේ වීජීය එකතුව, පරිපථයට සැපයෙන මුළු විදුලි ධාරාවට සමාන වේ.
1/R = ∑ 1/Ri = 1/R1 + 1/R2 + 1/R3 +......1/Rn
i=1
මේ අනුව සමක ප්‍රතිරෝධයේ අගය සමාන්තරගත කරන කුඩාම ප්‍රතිරෝධයේ අගයට වඩා අඩුවේ. ප්‍රතිරෝධ අගය වැඩිවන විට එතුළින් ගලන ධාරාව අඩුවේ. එබැවින් අඩුම ධාරාවක් ගලායන්නේ ජාලයේ ඇති විශාල ම ප්‍රතිරෝධය සහිත ප්‍රතිරෝධකය තුළින් වන අතර වැඩි ම ධාරාවක් ගලා යන්නේ ජාලයේ ඇති කුඩාම ප්‍රතිරෝධය සහිත ප්‍රතිරෝධකය තුළින් ය. සමාන්තරගත ප්‍රතිරෝධක ජාලයක දෝෂ සහිත ප්‍රතිරෝධකයක් ඇති විට ප්‍රතිරෝධකය තුළින් ගලා යා යුතු අපේක්ෂිත ධාරාව නොලැබේ.

පරීක්ෂණාත්මක ව A1, A2 සහ A3 යන ඇමීටරවල අගයන් ලබාගත් විට ඒවා පිළිවෙළින් 11, 12, 13 නම් සහ A ඇමීටරයේ පාඨාංකය 1 නම්,
1 = 11 + 12 + 13
ඕම්ගේ නියමයට අනුව ධාරාව සඳහා V සහ R මඟින් ආදේශ කිරීමෙන්,
V/R = V/R1 + V/R2 + V/R3
මෙහි R යනු සමක ප්‍රතිරෝධ වේ. මින් පැහැදිලි වන්නේ සමාන්තරගත සම්බන්ධයේ සමක ප්‍රතිරෝධය 1/R = 1/R1 + 1/R2 + 1/R3 මඟින් ගණනය කළ හැකි බවයි.