ප්‍රතිරෝධක ශ්‍රේණිගත සම්බන්ධය
  පරිපථ උපාංග දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇතිවිට එම ශ්‍රේණිගත සම්බන්ධයේ ඇති සෑම උපාංගයක් තුළින් ම එකම ධාරාවක් ගලා යයි. එම පරිපථයට ඇමීටරයක් ශ්‍රේණිගත ව සම්බන්ධ කළ විට ධාරාව මැන ගත හැකි ය.

නිදසුනක් ලෙස ශ්‍රණිගත ව සම්බන්ධ කළ R1, R2 සහ R3 ප්‍රතිරෝධක තුනක් සමඟ ශ්‍රේණිගත ව සම්බන්ධ කර ඇති ඇමීටරයක් සහ විදුලි කෝෂයක් සහිත පරිපථයක් මඟින්, එම ප්‍රතිරෝධක තුළින් ගලා යන ධාරාව මැනීම සඳහා පහත රූපයේ පරිදි පරිපථය සැකසිය කළ යුතු ය.
12.jpg

පරිපථය තුළින් ගලන ධාරාව 1 ලෙස ගත් විට,

R1 ප්‍රතිරෝධකයේ දෙකෙළවර විභව අන්තරය = 1.R1

R2 ප්‍රතිරෝධකයේ දෙකෙළවර විභව අන්තරය = 1.R2

R3 ප්‍රතිරෝධකයේ දෙකෙළවර විභව අන්තරය = 1. R3


පයතිරෝධක n සංඛ්‍යාවක් ශ්‍රේණිගත ව සම්බන්ධ කර ඇති විට මෙම ප්‍රතිරෝධක හරහා ඇති විභව අන්තරයන්ගේ එකතුව, සැපයුම් විභව අන්තරයට සමාන විය යුතු ය.

                n
එනම්, V = 1∑  Ri = 1R

              i = 1

මේ අනුව,
      n
R = ∑     Ri = R1 + R2 = R3 +....... Rn  සමක ප්‍රතිරෝධය වේ.

    i = 1

(c) Shilpa Sayura Foundation 2006-2017