කිසියම් පරිපථයක දෙකෙළවරට විභව අන්තරයක් ලබා දුන් විට, එතුළින් ගලායන ධාරාව එම පරිපථයේ ඇති ප්‍රතිරෝධි අගය මත රඳා පවතී. මෙලෙස පරිපථයක ධාරාව පාලනය කිරීමේ දී එහි ඇති සමක ප්‍රතිරෝධය (Equivalent resistance) වැඩිකර ගැනීමට ප්‍රතිරෝධක ශ්‍රේණිගත ව සම්බන්ධ කෙරෙන අතර සමක ප්‍රතිරෝධය අඩු කර ගැනීම සඳහා ප්‍රතිරෝධක සමාන්තරගත ව සම්බන්ධ කෙරෙයි. මෙය ප්‍රතිරෝධක සඳහා පමණක් නොව ප්‍රතිරෝධ අඩංගු උපාංග සඳහා ද වලංගු වේ.