ප්‍රතිරෝධයක් තුළින් ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක් ගලා යාමේ දී ඒකක කාලයක දී ජනනය වන තාප ශක්ති ප්‍රමාණය ම, එනම් එම ජවයම ජනනය වීමට එම ප්‍රතිරෝධකය තුළින් ගලා යා යුතු සරල විදුලි ධාරාවේ විශාලත්වය, ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවේ වර්ග මධ්‍යයන මූල අගය ලෙස අර්ථ දැක්වෙයි.
ප්‍රත්‍යාවර්ත ධාරා සහ වෝල්ටීයතා වැනි විචල්‍ය රාශීන් මැනීමට භාවිත වන මිණුම් උපකරණවලින් මනින්නේ මෙම වර්ග මධ්‍යයන මූල (Irms හෝ Vrms) අගයන් ය.
Irms - වර්ග මධ්‍යයන මූල ධාරාව
Vrms - වර්ග මධ්‍යයන මූල වෝල්ටීයතාව
ප්‍රතිරෝධයක් තුළින් විදුලි ධාරාවක් ගලා යන විට තාපය ජනනය වේ. ප්‍රතිරෝධය R වූ ප්‍රතිරෝධකය තුළින් I නම් ධාරාව ගලායන විට, ජූල්ගේ නියමය අනුව එම ශක්ති ප්‍රමාණය I2R මඟින් දැක්වේ. කාලය සමඟ ප්‍රතිරෝධක තුළින් ගලන ධරාව වෙනස් වන විට එමඟින් ජනනය වන තාප ප්‍රමාණය ගණනය කිරීම සඳහා වර්ග මධ්‍යයන මූල අගය භාවිත කළ හැකි ය.