ප්‍රත්‍යාවර්ත ධාරා
  සන්නායකයක දෙකෙළවර යොදනු ලබන විභව අන්තරයේ ධ්‍රැවීයතාව (ධන සහ සෘණ අග්‍ර) කාලය සමඟ මාරුවෙයි නම් එවැනි විභව අන්තරයක්, ප්‍රත්‍යාවර්ත විභව අන්තරයක් ලෙස හැඳින්වේ. එවැනි වෝල්ටීයතා සැපයුමකින් සන්නායකය තුළ ගමන් කරන ධාරාවේ දිශාව ද කාලයත් සමඟ වෙනස් වෙයි. මෙවැනි ධාරා ප්‍රත්‍යාවර්ත ධාරා ලෙස හඳුන්වයි. ප්‍රත්‍යාවර්ත විදුලි ජනකයක් මඟින් මෙසේ ලබාදෙන ධාරාව හෝ විභව අන්තරය තරංගාකාර වන නිසා එය විදුලි තරංගයක් ලෙස හැඳින්වේ.

011.jpg

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සැපයුමේ විදුලි තරංගය සයිනාකාර වේ. සංඥා ජනකවල මූලික තරංගාකාරය ද සයිනාකාර වේ. සයිනාකාර තරංගවල ප්‍රසංවාද (Harmonics) එකතු වූ විට විවිධ හැඩැති තරංගාකාර නිර්මාණය කළ හැකිය. ප්‍රසංවාද යනු තරංග ආයාමයේ ගුණාකාර වේ.

සයිනාකාර තරංගවල ඔත්තේ ප්‍රසංවාද සංකලනය කිරීමෙන් හතරැස් තරංගයක් නිර්මාණය කළ හැකි ය.ප්‍රත්‍යාවර්ත විභව අන්තරයක හෝ ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක එක පූර්ණ ප්‍රත්‍යාවර්තනයක් චක්‍රයක් (Cycle) ලෙස හැඳින්වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017