ඕම්ගේ නියමය
 විදුලි කෝෂයක අග්‍ර දෙකට ප්‍රතිරෝධයක් සම්බන්ධ කර සංවෘත පරිපථයක් තැනූ විට එම පරිපථය තුළින් ධාරාවක් ගමන් ගනියි. ප්‍රතිරෝධකයේ උෂ්ණත්වය නොවෙනස් ව පවතින විට සන්නායකයක් තුළින් ගමන් කරන ධාරාව 1, එහි යොදන විභව අන්තරය V ට අනුලෝමව සමානුපාතික වන බව ඕම්ගේ නියමයෙන් (Ohm’s law) කියවේ.

මේ නියමයට අනුකූල ව හැසිරෙන සන්නායකවලට ඕමික සන්නායක හෙවත් රේඛීය සන්නායක ලෙස හඳුන්වයි. මෙම නියමය ප්‍රතිරෝධකයක් සඳහා යොදන සරල ධාරා සහ ප්‍රත්‍යාවර්ත ධාරා දෙකට ම එක ලෙස වලංගු වේ. තව ද ප්‍රතිරෝධකයක උෂ්ණත්වය වෙනස් වන විට එහි ප්‍රතිරෝධය වෙනස් වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017