ෆෙරයිට් හරයක් සහිත ප්‍රේරක
 

ෆෙරයිට් හරයක් සහිත ප්‍රේරකවල හරයේ පාරගම්‍යතාව වැඩි නිසා ප්‍රේරකතාව වැඩිවේ. ෆෙරයිට්වල වද්‍යුත් සන්නායකතාව අඩු නිසා සුළි ධාරා ඇති වීම අවම කෙරෙන අතර මෘදු ෆෙරයිට් (Soft ferrites) භාවිතය මඟින් මන්දායන හානිය ද (Hysteresis) අඩු කර ගත හැකි ය. එබැවින් ඉහළ සංඛ්‍යාත ක්‍රියාත්මක වන පරිණාමක සහ පෙරහන් (Filters) යන ආදිය සඳහා භාවිත කළ හැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017