වායු හරයක් ඇති ප්‍රේරකවල චුම්බක හරයක් නැත. එනම් දඟරය තුළ වාතය අන්තර්ගත වේ. නැතහොත් දඟරය ප්ලාස්ටික් හෝ පිඟන් මැටි බොබිනයක් වටා ඔතා ඇත. එහෙයින් හරය මඟින් සිදුවන ශක්ති හානිය (Core losses) මෙහි දී ඇති නොවේ.
එනිසා ඉහළ සංඛ්‍යාත සඳහා මෙම ප්‍රේරක බහුලව භාවිත කෙරේ. මෙහි ප්‍රේරකතාව, හරයක් සහිත ප්‍රේරකවල ප්‍රේරකතාවට වඩා අඩු වේ. දඟරය බොබිනයක් වටා ඔතා නැති විට දෘඨ බැඳීමක් නැති නිසා යාන්ත්‍රික කම්පන ඇති වීම මඟින් ප්‍රේරකතාව වෙනස් විය හැකිය.