ප්‍රේරකයක් හරහා ගලා යන ධාරාව (1) තත්පරයක් තුළ දී ඇම්පියර් එකකින් වෙනස් වන විට ඒ දෙපස වෝල්ට් එකක වෝල්ටීයතාවක් ප්‍රේරණය වේ නම්, ඒම ප්‍රේරකයේ ප්‍රේරකතාව හෙන්රි එකක් (1 H) ලෙස සැලකේ. මේ අනුව ප්‍රේරකයක ප්‍රේරිත වෝල්ටීයතාව, එතුළින් ගලන ධාරාව වෙනස් වීමේ සීඝ්‍රතාවට අනුලෝම ව සමානුපාතික වේ.