කම්බියක්, දඟරයක් ලෙස පහසුවෙන් චුම්භක ස්රාවය ගමන් කළ හැකි යකඩ වානේ වැනි චුම්භක (Magnetizing) හරයක හෝ චුම්බකන නොවන (Non-Magnetizing) හරයක එතූ විට ප්‍රේරකයක් (Inductor) ලෙස හැඳින්වේ. පරිවරණය කළ සන්නායක කම්බි දඟරය තුළින් ධාරාවක් යැවූ විට ඒ තුළ චුම්බක ගුණ හට ගනී.
සෘජු කම්බියක් දඟරයක් ලෙස සකසා ඒ තුළින් විචල්‍ය ධාරාවක් ගලා යාමට සැලැස්සූ විට ප්‍රේරකතාව (Inductance) නමැති ගුණයක් ලැබේ. මෙම ගුණය වැඩි වීමේ දී උපදවා ගත හැකි චුම්භක ශක්තිය ද ඉහළ අගයක් ගනී.
ප්‍රේරකයක ප්‍රේරකතාව හෙන්රි (H) වලින් මනින අතර බොහෝ දඟරවල ප්‍රේරකතාව සඳහන් කර නැත. එවිට මෙම අගය ප්‍රේරකතාව මැනිය හැකි LRC මීටරය යොදා ගැනේ. ප්‍රේරකයක් යෙදූ සංවෘත පරිපථයකට වෙනස් වන ධාරා යෙදීමෙන් ප්‍රේරිත වෝල්ටීයතාවක් හට ගැනේ. එබැවින් ප්‍රේරකයක් හරහා ගලා යන විචල්‍ය ධාරාව මඟින් ඇති වන ප්‍රේරිත වෝල්ටීයතාව මඟින් ප්‍රේරකයක ප්‍රේරකතාව අර්ථ දැක්විය හැකි ය.