විචල්‍ය ධාරිත්‍රක
 

ධාරණාව වෙනස් කර ගත හැකි ලෙස නිර්මාණය කර ඇති ධාරිත්‍රක විචල්‍ය ධාරිත්‍රක (Variable capacitors) නම් වෙයි. මේ සඳහා ධාරිත්‍රකයේ තහඩු අතර පරතරය (d) වෙනස් කළ හැකි පරිදි හෝ තහඩුවල ක්‍රියාකාරි වර්ගඵලය (A) වෙනස් කළ හැකි පරිදි නිර්මාණය කෙරේ. මෙය ගුවන් විදුලි යන්ත්‍රවල සහ සන්නිවේදන උපකරණවල සුසර කිරීම් සඳහා බහුලව භාවිත කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017