ධාරිත්‍රකවල ශ්‍රේණිගත සම්බන්ධය
  007.jpg
   ධාරිත්‍රක ශේ්‍රණිගත ව සම්බන්ධ කළ විදුලි පරිපථයක්

ධාරිත්‍රක ශ්‍රේණිගත කළ විට එකම ධාරාවක් (IT) රූපයේ පෙන්වා ඇති පරිදි පරිපථය තුළින් ගලා යයි. එබැවින් ගලා යන ආරෝපණ ප්‍රමාණය ද සමාන වේ.

සම්පූර්ණ වෝල්ටීයතාව VT = V1 + V2 + V3 + ………… +Vn

V = Q/C ආදේශ කිරීමෙන් 1/CT = 1/C1 + 1/C2 + 1/C3 + …… +1/Cn බව පෙනෙයි.

එහෙයින් ධාරිත්‍රක දෙකක් හෝ වැඩි ගණනක් ශ්‍රේණිගතව සම්බන්ධ කළ පරිපථයක මුළු ධාරණාව CT, එම පරිපථයේ ඇති කුඩා ම ධාරණාවටත් වඩා කුඩාය.
(c) Shilpa Sayura Foundation 2006-2017