රූපයේ දක්වා ඇති පරිපථයේ සම්පූර්ණ ධාරාව, IT = II + I2 + I3 + ……….+ In එබැවින් සම්පූර්ණ ආරෝපණය, QT = Q1 + Q2 + Q3 + ……………..+Qn
සමාන්තරගත ධාරිත්රක හරහා සමාන විභව අන්තරයක් (VT) පවතින බැවින් Q = CV ආදේශ කිරීමෙන්, CT = C1 + C2 + C3 + ………. + Cn බව පෙනෙයි.
එහෙයින් ධාරිත්රක දෙකක් හෝ වැඩි ගණනක් සමාන්තරගතව සම්බන්ධ කළ පරිපථයක සම්පූර්ණ ධාරණාව CT, එම පරිපථයේ ඇති විශාල ම ධාරණාවට වඩා විශාලය.