වර්ණ කේත ක්‍රමය (Colour cord)
 මෙහි දී වර්ණ පටි හතරක් හෝ ඊට වැඩි ගණනක් යොදා ඇත. මෙම වර්ණ කේත ක්‍රමය ද ප්‍රතිරෝධක වර්ණ කේත ක්‍රමයට සමානය. විශාලම වර්ණ පටිය ඉහළට තිබෙන ලෙස ඉහළ සිට පහළට පිළිවෙළින් පළමු වර්ණ පටි දෙක මඟින් දසස්ථානය සහ එකස්ථානයට අදාළ ස්ථානීය අගයයන් පිළිවෙළින් ලබාදෙයි. තුන්වැනි වර්ණ පටිය මඟින් පළමු වර්ණ පටි දෙක මඟින් දැක්වූ සංඛ්‍යාව ගුණ කළ යුතු දහයේ පාදයේ දර්ශකය ලැබේ.

මෙලෙස ලැබෙන්නේ ධාරණාවේ පිකෝ ෆැරඩ් අගයයි. ඊළඟ වර්ණ පටිය මඟින් සහන අගය දක්වයි. ඉතිරි වර්ණ පටි දෙක මඟින් එය නිවැරදිව ක්‍රියා කරන උපරිම උෂ්ණත්ව සංගුණකය සහ ඔරොත්තු දෙන උපරිම වෝල්ටීයතාව ලබා දෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017