ධාරිත්රයක ධාරණාව (Capacitance) යනු අග්‍ර අතර විභව අන්තරය වෝල්ට් එකකින් ඉහළ නැංවීම සඳහා ලබාදිය යුතු ආරෝපණ ප්‍රමාණයයි. මෙහි ඒකක ෆැරඩ් (F) වේ. ඒකීය වෝල්ටීයතාවක දී කුලෝම් එකක ආරෝපණ ප්‍රමාණයක් රැස්වෙයි නම් එහි ධාරණාව ඒකක එකක් ලෙස සඳහන් කළ හැකිය.
ආරෝපණය (Q) කුලෝම් (C) වලින් ද වෝල්ටීයතාව (V) වෝල්ට් (V) වලින් සහ ධාරණාව (C) ෆැරඩ් (F) වලින් මැන ගත් විට ඒවා අතර සම්බන්ධතාව Q = CV ලෙස දැක්විය හැකිය.
මෙලෙස ධාරිත්රයකට ආරෝපණයක් ලබා දී ඇති විට එය තුළ විභව අන්තරයක් (V) පවතින අතර එහි ගබඩා වන ශක්තිය (W) පහත සමීකරණය මඟින් ලබාදෙයි. W = ½ CV2
ධාරිත්රයක ධාරණාව පහත දැක්වෙන සාධක මත රඳා පවතී.
1. තහඩු අතර පරතරය (d)
2. තහඩුවක ක්‍රියාකාරි වර්ගඵලය (A)
3. මාධ්‍යයේ පාරවේද්‍යතාව (ε)
මේවා අතර සම්බන්ධය පහත සමීකරණය මඟින් ප්‍රකාශ කළ හැකිය. C = εA/d
මේ අනුව ධාරිත්රයක ධාරණාව, තහඩුවල වර්ගඵලයට අනුලෝම ව සහ තහඩු අතර පරතරයට ප්‍රතිලෝම ව සමානුපාතික වේ.
ධාරිත්‍රක ප්‍රධාන වර්ග දෙකකි.
1. ස්ථීර ධාරිත්‍රක
2. විචල්‍ය ධාරිත්‍රක