විද්‍යූත් ශක්තිය ආලෝක ශක්තිය බවට පරිවර්තනය කිරීමට විදුලි පහන් භාවිත කෙරේ. විදුලි පහන් වර්ග කිහිපයක් ම ඇත.
* සූත්‍රිකා පහන (Incandescent lamp) - ශක්ති හානිය අධික ය. ආයු කාලය අඩු ය.
* පියරැසි බට පහන් (Fluorescent lamp) - සූත්‍රිකා පහනට වඩා ශක්ති හානිය අඩු ය. ආයු කාලය වැඩි ය.
* සුසංහිත ප්‍රතිදීපන පහන (CLF) - ශක්ති හානිය බොහෝ අඩු ය. ආයු කාලය වැඩි ය.
* ආලෝක විමෝචක දියෝඩ (LED) යෙදූ විදුලි පහන් - ශක්ති හානිය ඉතා අඩු ය. ආයු කාලය වැඩි ය.
සූත්‍රිකා පහන් වල වෝල්ටීයතා අගය (V) සහ වොට් අගය (W) සඳහන් කර ඇත. එම වෝල්ටීයතාව ලබා දුන් විට, වොට් අගය මඟින් විදුලි පහනට වැයවන ජවය ලැබේ. මෙහි දී ආලෝකයට අමතරව විශාල තාප ප්‍රමාණයක් පිටවීම නිසා විද්‍යූත් ශක්තියෙන් සෑහෙන කොටසක් විනාශ වේ.
මේ හෙයින් වර්තමානයේ ශක්ති හානිය අඩු, ආයු කාලය වැඩි පියරැසි බට පහන්, සුසංභිත ප්‍රතිදීපන පහන් (Compact fluorescent lamp - CLF)සහ ආලෝක විමෝචන දියෝඩ (Light emitting diode - LED) යෙදූ පහන් බහුලව භාවිතයට ගැනේ.
මීට අමතරව,
වීථි ලාම්පු (Street lamp)
රසදිය වාෂ්ප පහන් (Mercury vapour lamps)
සෝඩියම් වාෂ්ප පහන් (Sodium vapour lamps)
නියොන් විසර්ජන (Neon discharge lamps) පහන් භාවිත වේ.