ධාරා නියාමක
 ධාරා නියාමකය යනු බොබිනයක ඔතන කම්බි දඟරයකි. තෝරා ගන්නා කම්බියේ දිග වැඩිවන විට ප්‍රතිරෝධි අගය වැඩිවෙන අතර කම්බියේ දිග අඩු වන විට ප්‍රතිරෝධය අඩුවේ. අදාළ ලෙස සම්බන්ධක අඟ්‍ර දෙක පරිපථයට සම්බන්ධ කර අල්ලුව විචලනය කිරීමෙන් කම්බියේ දිග වෙනස් කර ප්‍රතිරෝධය විචලනය කර ගත හැකිය. මෙම මූලධර්මය යොදා ධාරා නියාමකය සාදා ඇත.

ධාරා නියාමකයේ උපරිම ප්‍රතිරෝධි අගය එහි සඳහන් කර ඇති අතර අධික ධාරා ගමන් කරන පරිපථ සඳහා වඩාත් සුදුසු වන විචල්‍ය ප්‍රතිරෝධක වර්ගය මෙය වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017