වර්ණ පටි පහක් සහිත ප්‍රතිරෝධක
 මෙම ප්‍රතිරෝධක සමීපව පිහිටි වර්ණ පටි හතරක් සහ ඒවාට තරමක් දුරින් පිහිටි සහන අගය දක්වන වර්ණ පටියකින් සමන්විත වෙයි. සමීපව පිහිටි වර්ණ පටි සහිත පැත්ත වම් අත පැත්තට පිහිටන ලෙස තබා ගත් විට වම් පස සිට පිළිවෙළින් පිහිටි පළමු වර්ණ පටිය තුනෙන් සියස්ථානය, දසස්ථානය සහ එකස්ථානය දක්වයි. හතරවන වර්ණ පටිය මඟින් මුලින් ඇති සංඛ්‍යාව ගුණ කළ යුතු දහයේ පාදයේ දර්ශකයට අදාළ සංඛ්‍යාව දක්වයි.

මෙම ප්‍රතිරෝධක සඳහා ද ඉහත වගුවේ ඇති අගයයන් ම වලංගු වෙයි. මෙහි දී ද දකුණුපස වෙනම පිහිටි වර්ණ පටිය මඟින් සහන අගය දක්වයි. මෙවැනි ප්‍රතිරෝධකවල නිවැරදි බව, වර්ණ පටි හතරකින් යුතු ප්‍රතිරෝධකවලට වඩා වැඩිය. එනම් වඩාත් ම ආසන්න ලෙස අවශ්‍ය ප්‍රතිරෝධි අගය ගත හැක්කේ වර්ණ පටි පහක් සහිත ප්‍රතිරෝධකවලිනි.

සුවිශේෂි අවස්ථාවල පමණක් වර්ණ පටි හයක් සහිත ප්‍රතිරෝධක ද භාවිත කරන හෙයින් ඒවා සාමාන්‍ය පරිපථවල සුලභව දක්නට නොලැබේ.
(c) Shilpa Sayura Foundation 2006-2017