මෙම ක්රමයේ වර්ණ පටි හතරකි. ඉන් වර්ණ පටි 3ක් එකිනෙකට සමීපව පිහිටා ඇති අතර අනෙක තරමක් ඈතින් පිහිටයි. සමීපව පිහිටි වර්ණ පටි තුනක් සහිත පැත්ත වම් පසට තැබූ විට, වම් පැත්තේ සිට පළමු වර්ණ දෙකෙන් පිළිවෙළින් දසස්ථානය සහ එකස්ථානයන් ස්ථානීය අගයන් දෙයි. එක් එක් වර්ණයට අදාළ අගයන් පහත වගුවෙන් දැක්වේ. තුන්වන වර්ණ පටියෙන් පළමු වර්ණ පටි දෙක දැක්වූ සංඛ්‍යාව ගුණ කළ යුතු දහයේ පාදයේ දර්ශකය ලැබේ.
මෙම දර්ශකයේ අගය වගුවෙහි පළමු තීරුවේ දැක්වෙන අංකයේ අගයට සමාන වේ. මෙයට අමතරව රන් සහ රිදී වර්ණයන් සඳහා දර්ශකයේ අගය පිළිවෙළින් -1 සහ -2 වේ. එනම් අශම අගයන් ගෙන් යුත් ප්‍රතිරෝධි අගයන් දැක්වීමට රන් හෝ රිදී භාවිත කරයි. දකුණු පස වෙනම පිහිටි වර්ණ පටිය මගින් අගයන් වෙනස් විය හැකි පරාසය (සහන අගය) ප්‍රතිශතයක් ලෙස දක්වයි. ප්‍රතිරෝධක වල සහන අගයේ වර්ණ ඊට පහත වගුවේ දැක්වේ.

ප්‍රතිරෝධක වර්ණ කේත
අංකය | වර්ණය | තෙවන හෝ සිව්වන වර්ණ පටිය අනුව ගුණ කළ යුතු අගය | |
0 | කළු | 100 = 1 | |
1 | දුඹුරු | 101 = 10 | |
2 | රතු | 102 = 100 | |
3 | තැඹිලි | 103 = 1000 | |
4 | කහ | 104 = 10000 | |
5 | කොළ | 105 = 100000 | |
6 | නිල් | 106 = 1000000 | |
7 | දම් | 107 = 10000000 | |
8 | අළු | 108 = 100000000 | |
9 | සුදු | 109 = 1000000000 | |
-1 | රන් | 10-1 = 0.1 | |
-2 | රිදී | 10-2 = 0.01 |
ප්‍රතිරෝධකවල සහන අගයේ වර්ණ කේත
වර්ණය | දුඹුරු | රතු | රන් | රිදී | වර්ණ පටියක් යොදා නැති |
සහන අගය | ± 1% | ± 2% | ± 5% | ± 10% | ± 20% |