ප්‍රමාණයෙන් කුඩා ප්‍රතිරෝධක මත ප්‍රතිරෝධයේ අගය සඳහන් කර ඇත්තේ වර්ණ කේත (Colour cord) ක්‍රමයක් මඟිනි. මෙවැනි ප්‍රතිරෝධකවල අගය වර්ණ පටිවලින් සඳහන් අගයට සමීප වේ. මෙසේ සමීප වන ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස සහනතා පරාසය මඟින් දක්වයි. මෙහි දී යොදාගෙන ඇති වර්ණ පටි සංඛ්‍යාව අනුව ප්‍රතිරෝධයේ අගය කියවීම රඳා පවතී.