කම්බි එතුම් ප්‍රතිරෝධක
 කිසියම් පරිචාරක හරයක් මත ඔතා ඇති නික්‍රෝම් වැනි අධික ප්‍රතිරෝධයක් සහිත සන්නායක කම්බියකින් මෙම ප්‍රතිරෝධක සමන්විත ය. කම්බි එතුම් ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ම ඇත. මේවා ප්‍රමාණයෙන් විශාල වන අතර අධික ධාරා සඳහා ඔරොත්තු දෙයි.

එබැවින් ප්‍රමත ජවය විශාලය. යොදාගත් කම්බියේ දිග හෝ වර්ගය හෝ හරස්කඩ වර්ගඵලය වෙනස් කිරීමෙන් ප්‍රතිරෝධි අගය තීරණය කරයි. ප්‍රතිරෝධි අගය සහ ප්‍රමත ජවය ප්‍රතිරෝධකය මත සඳහන් කර ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017