ප්‍රතිරෝධක
 යම් පරිපථ කොටසක් තුළින් ගලන ධාරාව පාලනය කිරීමට යොදා ගන්නා උපකරණයකි. ප්‍රතිරෝධක තුළින් ධාරාව ගැලීමට ඇති වන බාධාව ප්‍රතිරෝධය නම් වේ. ප්‍රතිරෝධය මනින ඒකකය ඕම් (Ω) වන අතර ප්‍රතිරෝධය මැනීමට ඕම් මීටරය භාවිත කරයි.

ප්‍රතිරෝධක තුළින් ධාරාව ගලන විට තාප ශක්තිය ජනනය වී උණුසුම් වෙයි. එමඟින් ප්‍රතිරෝධි අගය ඉහළ යාම මෙන්ම ප්‍රතිරෝධක පිළිස්සී යාම ද සිදුවිය හැකි ය. එනිසා ප්‍රතිරෝධක තෝරා ගැනීමේ දී ඉන් උත්සර්ජනය වන තාප ශක්තිය එයට ඔරොත්තු දේ දැයි සලකා බැලිය යුතු ය. ඒකීය කාලයක දී උත්සර්ජනය විය හැකි උපරිම ජව ප්‍රමාණය ඒවාට අදාළ පිරිවිතර (Specifications) තුළ දක්වා ඇත. එම අගය වොට් (W) වලින් ප්‍රකාශ වේ.

ප්‍රධාන වශයෙන් ප්‍රතිරෝධක වර්ග දෙකකි.
1. ස්ථීර ප්‍රතිරෝධක (Fixed resistors)
2. විචල්‍ය ප්‍රතිරෝධක (Variable resistors). යනුවෙනි.
(c) Shilpa Sayura Foundation 2006-2017