සූර්ය කෝෂ (Solar cells) ලෙස බහුලව භාවිත කරන්නේ ප්‍රකාශ වෝල්ටීයතා (Photovoltaic) කෝෂ වේ. ආලෝක ශක්තිය, විදුලි ශක්තිය බවට පත් කිරීම මෙහි මූලික ක්‍රියාවයි. කෝෂයේ විශාලත්වය අනුව කිසියම් වෝල්ටීයතාවක් සමඟ ලබාගත හැකි ධාරාව වෙනස් වේ.
සූර්ය කෝෂ විශාල ප්‍රමාණයක් ශ්‍රේණිගත කිරීමෙන් වෝල්ටීයතාව වැඩි කර ගත හැකි අතර එලෙස සැකසූ ශ්‍රේණිගත පද්ධති සමාන්තරව සම්බන්ධ කිරීමෙන් වැඩි ධාරාවක් ලබාගත හැකි සූර්ය පැනල (Solar panels) සාදා ගත හැකිය.