මෙය විදුලිය උපදවන උපාංගයකි. ඒකාකාර විදුලි ධාරාවක් ලබා ගැනීමට සාමාන්‍යයෙන් විදුලි කෝෂ (Electric cell) යොදා ගනී. විදුලි කෝෂයක් පරිපථයකට සම්බන්ධ කර ඇති විට, එහි බාහිර පරිපථයේ ඉලෙක්ට්‍රෝන (සෘණ ආරෝපණ) සෘණ අග්‍රයේ සිට ධන අග්‍රයට ගලන නුමුත් විදුලි ධාරාව ගැලීමේ සම්මත දිශාව ධන අග්‍රයේ සිට සෘණ අග්‍රයට වේ. විදුලි කෝෂය දක්වන සංකේතයෙහි දිගින් වැඩි රේඛාව (+) අග්‍රය ලෙස ද, දිගින් අඩු රේඛාව සෘණ (-)අග්‍රය ලෙස ද නිරූපණය වෙයි.
විදුලි කෝෂයේ අඩංගු රසායනික ශක්තිය විදුලි ශක්තියට පරිවර්තනය වීමෙන් පසු ධාරිතාව මනිනු ලබන්නේ "ඇම්පියර් පැය" වලිනි. උදාහරණයක් ලෙස 1 Ah කෝෂයක් මඟින් ඇම්පියර් 1ක ධාරාවක් පැයක් තුළ මුදා හැරීමේ හැකියාව ඇත. ධාරිතාව සහ භාවිත කරන රසායනික ද්‍රව්‍ය අනුව විදුලි කෝෂ වර්ග කළ හැකිය.