මිනිසාගේ ප්‍රායෝගික අරමුණු හා ජීවත්වන පරිසරය වෙනස් කරගැනීමට හා හැසිරවීමට දැනුම යෙදවීම තාක්ෂණවේදයේ භූමිකාවයි. ජීවිත වඩාත් පහසු කරගැනීම හා කාර්යයන්හි ඉහළ ඵලදායිතාව සඳහා අමුද්‍රව්‍ය, ආවුද, ශිල්පීය ක්‍රම හා බලශක්ති යොදා ගැනීම තාක්ෂණයට අයත් වේ.
විද්‍යාව, විවිධ සංසිද්ධීන් හෝ කාර්යයන් සිදුවන ආකාරය හා එසේ සිදුවීමට හේතු පැහැදිලි කරන අතර තාක්ෂණවේදය කාර්යයන් සිදුකිරීම කෙරෙහි අවධානය යොමු කරයි. ආවුද භාවිතය ආරම්භ වීමත් සමඟ මානවයාගේ විවිධ උත්සහායන් වලට තාක්ෂණවේදය දායක වී තිබේ. කාර්මික විප්ලවය තාක්ෂණික සංවර්ධනය වේගවත් කර ඇති අතර කායික ශ්‍රමය යෙදවීම යන්ත්‍ර වලට ආදේශ වී ඇත. එසේම වේගවත් තාක්ෂණික සංවර්ධනය වාතය හා ජලය දූෂණය වීමට හා පරිසරයට බලපෑම් කිරීමට ද හේතු වී ඇත.
තාක්ෂණික දියුණුවත් සමඟ විවිධ තාක්ෂණවේදී විෂය ක්ෂේත්‍ර ද හදුනා ගෙන ඇත. ඉංජිනේරු, ජෛව, ආහාර, සන්න්වේදන, ප්‍රවාහන ආදී තාක්ෂණවේද බිහිවී ඇත. ඒ අනුව සුළු හෝ මහා පරිමාණයේ ඉංජිනේරු කාර්යය සලකා බැලීමේ දී "පවත්නා වූ හෝ මතුවිය හැකි ගැටලුවලට මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ශිල්පය ඇතුළත් ක්‍රියාවලිය" ඉංජිනේරු තාක්ෂණවේදය යනුවෙන් අර්ථකථනය කළ හැකිය.