ව්‍යාපෘතියේ පරිමාණය (Scale of the project)
 

තාක්ෂණවේදී ව්‍යාපෘතියක පරිමාණය, එය සතු සම්පත් (යන්ත්‍ර සූත්‍ර, තාක්ෂණය හා දැනුම, ශිල්පීන් ආදී) මත තීරණය වේ. නිෂ්පාදන වැඩි දියුණු කිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී ව්‍යාපෘතියේ පරිමාණය පිළිබඳව සැලකිය යුතු වේ.

උාහරණයක් ලෙස සුළු පරිමාණ ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් ගනිමු. නිවැරදි මිනුම් අනුව හා මානව මිතික ලක්ෂණවලට අනුකූල පතරොම් අනුව නිෂ්පාදන සිදු කළ හැකි වේ. එසේම නිමාව උසස් මටිටමකට ගෙන ආ හැකිවේ. එවැනි නිෂ්පාදන වැඩි දියුණු කිරීම සිදුකළ හැකි වුව ද, වෙනත් විශේෂ යන්ත්‍ර යොදාකළ යුතු වන මැහුම් ක්‍රම යොදා ගත නොහැකි වේ. ඒ සඳහා තම ව්‍යාපෘති පරිමාණය පවත්නා මට්ටමට වඩා ඉහළට ගෙන ආ යුතු වේ.


ඉහත කරුණු ගැන සොයා බැලීම තාක්ෂණවේදී කළමනාකරණයේ වගකීම වේ. ඒ තුළින් ඉල්ලුමට වඩාත් උචිත නිෂ්පාදන ක්‍රියාවලියක් බිහි කළ හැකිය.
(c) Shilpa Sayura Foundation 2006-2017