අතීත මිනිසා කණ්ඩායම් වශයෙන්, සැමට උපකාර වෙමින් නිපදවා ගන්නා නිෂ්පාදන පොදුවේ භාවිත කරමින් ජීවත් ව ඇත. ගල් යුගයේ මිනිසාගේ මූලික අවශ්‍යතාව ආහාරවලට පමණක් සීමා වූ නමුත්, එඬේර යුගය, කෘෂිකාර්මික යුගය දක්වා වන විට ඇඳුම් භාවිතය සහ වාසස්ථාන දක්වා අවශ්‍යතා වර්ධනය විය.
මුල් ජනාවාස තුළ ගෝත්‍රික නායකත්වය මත පදනම් වූ පාලන සංකල්ප පැවතියද පසු කාලීනව රාජ්‍ය පාලනය දක්වා එය සංවර්ධනය විය. අතීත රාජ්‍ය තුළ පාලක පන්තියේ අවශ්‍යතා වලට පමණක් නිෂ්පාදන සිදු විය. එතුළින් භාණ්ඩ හා සේවා යන මූලික නිෂ්පාදන හා ක්‍ෂේත්‍රවල වර්ධනයක් හා සංවර්ධනයක් විය.
උදාහරණ : වලං, ලෝහ භාණ්ඩ, ආභරණ, ගොඩනැගිලි ආදී තැනීම්, සංගීත භාණ්ඩ තැනීම් වැනි වෘත්තීන් ද, රෙදි පිළි සේදීම වැනි සේවා වෘත්තීන් ද බිහිවීම දැක්විය හැකිය. තවද, මෙම වෘත්තීන්ට අදාළව කුල ක්‍රමය බිහි වූ අතර එක් එක් කණ්ඩායම් එක් එක් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට අවතීර්ණ කෙරිණි.
එකල සාමාන්‍ය ජනයාට බොහෝ දේ පරිහරණය කිරීම තහනම් විය. මෙයින් නිෂ්පාදන සඳහා ඉල්ලුම සීමා වූ අතර එය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සංවර්ධනයට බාධාවක් විය. රාජ්‍ය පාලනය තුළ පසුකාලීනව ඇති වූ ලිහිල් බව හේතුවෙන් සාමාන්‍ය ජනයාට විවිධ භාණ්ඩ භාවිතයට අවකාශය සැලසුණි. මේ නිසා භාණ්ඩ හා සේවා ශීඝ්‍රයෙන් වාණිජකරණය විය. අධිරාජ්‍ය බිහිවීම හා යටත් විජිත ඇති වීම ද කාර්මික විප්ලවය ද විවිධ නිෂ්පාදන ජනතාව අතරට පත්වීමට හේතු විය. මේ ඔස්සේ භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම යන සංකල්පය ඇති විය.
මෙසේ ගත් කල වාණිජකරණය යනු "වෙළෙඳපොළ තුළ ඉල්ලුම් සැපයුම් බලවේග මත ලාභය අරමුණු කර ගනිමින් මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම" වේ.