බැංකු හා මූල්‍ය
 

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM - Automatic Teller Machine), ණයපත් (Credit Card), සහ ඉලෙක්ට්‍රොණික බැංකුකරණය (e - Banking) වැනි තාක්ෂණික ක්‍රම, මුදල් ගණුදෙනු කිරීම පහසුකර ඇත. පරිගණක ජාල ගත බැංකු මඟින් ලොව ඕනෑම රටක සිට පහසුවෙන් මූල්‍ය හුවමාරු කර ගැනීමට හැකි වී තිබේ. බැංකු හා මූල්‍ය සේවා කාර්යක්ෂම වීමට හා ජනප්‍රිය වීමට මෙය බෙහෙවින් බලපා ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017