බල්ලාටනාග ක්‍රි.පූ. 109-103
 

ක්‍රි.පූ. 109-103
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 06 යි)


ලදතිස්‌ රජු ඇවෑමෙන් සැදෑතිස්‌ රජුගේ තුන්වැනි පුත් බල්ලාටනාග හෙවත් කලුන රාජශ්‍රීයට පැමිණියේය. මේ රජ ලෝවාමහාපාය වටේ ප්‍රාසාද දෙතිසක්‌ ද රන්මැලි දාගැබ වටේ තවත් පවුරක්‌ ද කර වූයේය. මහාරත්තක නම් සෙනෙවියෙක්‌ රාජ්‍යය අත්පත් කරගන්නා අදහසින් මේ රජු මැරවීය. නමුත් රජුගේ සහෝදර වූ වළගම්වා කුමාරතෙම රත්තක සෙනෙවියා මරවා රාජ්‍යපදප්‍රාප්තිය විය.

(c) Shilpa Sayura Foundation 2006-2017