නවීන මෝටර් රථවල නූතන රෝධක පද්ධති (ABS-Antilocking Brake System) වා මලු (Air Bags) ආදී ආරක්ෂිත උපාංග නිසා වාහනයේත් ගමන් ගන්නා අයගේත් ආරක්ෂාව සැලසේ. එමෙන් ම ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධති (GPS) වැනි උපක්‍රම මඟින් වාහන තදබදය හඳුනා ගැනීමට ද පහසු වී ඇත.
අධිවේගි දුම්රිය මඟින් ගමනේ කාලය අඩු කර ගැනීම ද සිදුවේ. දෙමුහුන් මෝටර් රථ නිසා ඉන්ධන භාවිතය අවම වී තිබෙන අතර පරිසර දූෂණය ද අවම වී ඇත.