නිෂ්පාදන වැඩි දියුණු වීමෙන් මිනිසාගේ කාලීන අවශ්‍යතා හා වුවමනා බොහෝමයක් සපුරාලයි. එය රටක මානව හා සමාජ සංවර්ධනයට ද හේතු වේ. දිනෙන් දින වර්ධනය වන මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීමට නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ හා සේවා තුළ විවිධ වැඩි දියුණු වීම් ඇතිවේ. ඒවා විවිධ වූ නිර්ණායක ඔස්සේ අගයනු ලබයි.
වර්තමාන නිෂ්පාදන ඒවායේ මුල් නිෂ්පාදනවලට වඩා බෙහෙවින් නවීකරණය වී ඇත. බහුල ව භාවිත වන දුරකථනය, රූපවාහිනිය, පරිගණකය ආදී උපකරණ මෙන්ම ප්‍රවාහන සේවා, සෞඛ්‍ය සේවා ආදී විවිධ සේවා තුළ භාවිත වන යන්ත්‍ර සූත්‍ර, වාහන ඒ සඳහා උදාහරණ වේ.
විවිධ නිර්ණායක පදනම් කරගෙන මෙය තක්සේරු කරයි.
- නිවැරදි ක්‍රියාකාරිත්වය
- ඉහළ කාර්යක්ෂමතාව
- මානව සාධක නියාමක හා ගැළපීම
- බහුකාර්ය අංග
- සෞඛ්යාරක්ෂිත බව
- අතුරු මාරු හැකියාව (විවිධ ස්ථානීය තත්ත්ව තුළ භාවිතයේ හැකියාව)
- පරිසර හිතකාමි බව
- තත්ත්ව හා ප්‍රමිතිවල අනුකූල බව
- උසස් නිමාව
නිෂ්පාදන දියුණු වීම තුළ විවිධ භාණ්ඩවල මෙන්ම නිෂ්පාදන ක්ෂේත්රවල සංවර්ධනය ද සිදුවෙයි. එසේම භාණ්ඩ, යන්ත්‍ර හා උපකරණ යොදා ගන්නා පොදු සේවා වල සංවර්ධනයට හා පෝෂණයට ද නිෂ්පාදන වැඩිදියුණු වීම මනා දායකත්වයක් ලබාදෙයි. එවැනි භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍ර හා පොදු සේවා කීපයක් මෙසේ දැක්විය හැකිය.