වෙළඳ තරඟය
 

රුසියාව හා ඇමරිකාව අතර පැවති සීතල යුද්ධය 1990 දශකයේ සෝවියට් සමූහණ්ඩුව බිඳ වැටීමත් සමඟ අවසන් විය. වර්තමානයේ පවතින්නේ රටවල් අතර වෙළඳ තරඟයකි. අඩු වැටුපකට ශ්‍රමය සපයා ගත හැකි රටවල, නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමට ශ්‍රමය මත පදනම් වූ පාරිභෝගික නිෂ්පාදන කර්මාන්තශාලා ස්ථාපිත වීමේ ප්‍රවණතාවක් පවතී. මේ අතර දියුණු වන රටවල් තාක්ෂණික මෙවලම් නිෂ්පාදනයට හා වෙළඳාමට යොමු වී ඇත.


ඉහත වකවානු ඔස්සේ තාක්ෂණවේදයේ විකාශය වීම තුළ විසඳුම්වල වෙනස් වීම හඳුනාගැනීමට, වාසස්ථාන ඉඳිකිරීම්වල කාලානුරූප වෙනස් වීම උදාහරණ ලෙස දැක්විය හැකිය.
(c) Shilpa Sayura Foundation 2006-2017