ඇමරිකාව හා රුසියාව අතර සීතල යුද්ධය
 දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව ප්‍රමුඛ ධනවාදි රටවල් හා රුසියාව ප්‍රමුඛ කොමියුනිස්ට් රටවල් කඳවුරු දෙකකට බෙදිණි. නැවත යුද්ධයක් ඇතිවෙතැයි යන සැකයෙන් මෙම රටවල් දෙක හා ඊට පක්ෂපාතී රටවල් තම තාක්ෂණික, ආර්ථික හා යුධ ශක්තීන් තහවුරු කරගැනීමේ උවමනාවෙන් පසුවිය.

යුධ රහස් සෙවීමේ අවශ්‍යතාව ප්‍රධාන වශයෙන් සන්නිවේදන තාක්ෂණයේ දියුණුවට හේතු විය. මෙ සමයේ දී චන්ද්‍රිකා තාක්ෂණය හා අභ්‍යවකාශ තාක්ෂණය සංවර්ධනය වීම කැපී පෙනේ.
(c) Shilpa Sayura Foundation 2006-2017