මෙහිදී අවි අායුධ මෙන්ම නවීන යන්ත්‍ර සූත්‍ර නිපදවිණි. සන්නිවේදනයට වඩාත් වැදගත් නව තාක්ෂණයන් බිහි කෙරිණි. වර්තමානයේ අප ජීවත් වන තොරතුරු තාක්ෂණ යුගයේ ආරම්භයට එය මහත් රුකුලක් විය.
කාර්මික විප්ලවය සමයේ සෑම රටක ම නිෂ්පාදන කේන්ද්‍රගත වූයේ ශිල්පීන්ගේ නිවාස ආශ්‍රිතව කුඩා ඒකක වශයෙනි. මෙම නිෂ්පාදන තමන්ගේ නිවාස අවට වෙළෙඳ පොළවලට සැපයිණි. නමුත් යටත් විජිත සමූහයක් පවත්වාගෙන ගිය බ්‍රිතාන්‍යයේ කර්මාන්ත කරුවන්ට විශාල වෙළඳපොල ප්‍රසාරණයකට මුහුණ දීමට සිදුවිය. ඒ බ්‍රිතාන්‍යය නිෂ්පාදන වලට යටත් විජිත රාජ්‍යයන් අතර ඉතා විශාල ඉල්ලුමක් ඇති වීමයි. මෙහිදී කර්මාන්තශාලා විශාල ලෙස පුළුල් කිරීමට ද ශ්‍රම ඌනතාව හා නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමට ද අවශ්‍ය වූයෙන් කර්මාන්ත උදෙසා වැඩි වැඩියෙන් යාන්ත්‍රික තාක්ෂණය යොදා ගැණුනි. මේ පසුබිම තුළ ප්‍රධාන සිදුවීම් කිහිපයක් දැක්විය හැකිය.
* අතින් කළ කර්මාන්තවලට යන්ත්‍ර හඳුන්වා දීම.
* ජලයේ සහ හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම.
* ඉන්ධන ලෙස ගල්අඟුරු භාවිත කිරීම.
* හුමාලය භාවිතයෙන් ධාවනය වන නැව් හා දුම්රිය නිපදවීම.
* මහා පරිමාණ නිෂ්පාදන ඇරඹීම හා ඒවාට උචිත යන්ත්‍ර නිෂ්පාදනය.(හුමාල ඉංජිමක හා දුම්රියක රූපයක්)
(හුමාල දුම්රියක රූපයක්)
මෙකල ශ්‍රමය භාවිතයට වඩා ජලයේ ශක්තිය හා හුමාලයේ ශක්තිය උපයෝගි කර ගැණින. එය කර්මාන්ත ක්‍ෂත්‍රයේ සීඝ්‍ර සංවර්ධනයට හේතු විය. හුමාල එන්ජිම නිපදවීම සමඟ රුවල් සහ හබල්වලට ආදේශක ලෙස හුමාල එන්ජින් සහිත නැව් ධාවනය ඇරඹිණි. වර්තමානයේ තාප බලාගාර හා න්‍යෂ්ටික ශක්තියෙන් විදුලිය ඉපදවීමේ දී ද හුමාලය යොදාගනී.