පුනර්ජනනීය බල ශක්ති සංවර්ධනය සඳහා වර්තමානයේ සිදු කෙරෙන මෙහෙයුම් නිසා අනාගතය ශුභවාදී විය හැකිය. සූර්යාලෝකය, ජෛව ඉන්ධන, සුළඟ වැනි ශක්ති ප්‍රභව කාර්යක්ෂමව ප්‍රයෝජනයට ගන්නා ශිල්පීය ක්‍රම නුදුරු අනාගතයේ දක්නට ලැබිය හැකි වේ.
එසේම ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ විකාශය හේතුකොට ගෙන ඉදිරියේ දී විදුලිය භාවිතයේ කාර්යක්ෂමතාව ඉතා ඉහළ මට්ටමකට ගෙන ආ හැකිවෙයි. එමඟින් බල ශක්තිය සකසුරුවම් ලෙස භාවිත කළ හැකි විදුලි උපකරණ නිපදවේ යැයි සැලකිය හැකිය. වර්තමානයේ කැතෝඩ කිරණ නළ භාවිත රූපවාහිනිවලට විකල්ප ලෙස අඩු ජව භාවිත වන LCD රූපවාහිනි තිර නිර්මාණය වීම එයට නිදසුනකි. විද්‍යූත් චුම්භක තරංග සම්ප්‍රේෂණය සංවර්ධනය වීමේ ශීඝ්‍රතාව අනුව බල ශක්තිය පවා රැහැන් රහිත ව සම්ප්‍රේෂණය කිරීමට හැකියාව තිබේ.
එලෙසින් ම බොහෝ නිෂ්පාදන පරිසරය සුරැකෙන පරිදි නිපදවේ යැයි සිතිය හැකිය. මෝටර් රථවල ඉන්ධන දහනයේ දී පරිසරයට අහිතකර වායු අවම කරන ක්‍රම සුළු වශයෙන් හෝ භාවිතයට ගැනීමට යොමු වීම ඊට නිදසුන් ය. වර්තමානය වන විට සූර්යාලෝකය මඟින් ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනය ඇරඹී ඇත.
එසේම ඕසෝන් ස්ථරයට හානි නොවන විකල්ප වායු භාවිතා කෙරෙන නිපැයුම් (ශීතකරණ ආදී) ද වර්තමානයේ දැකිය හැකිය. තව ද නැනෝ තාක්ෂණික ක්‍රම වර්තමානයට වඩා අනාගතය තුළ ක්‍රියාත්මක වීමෙන් ගුණාත්මක නිෂ්පාදන අනාගතයේ දී භාවිතයට ගනු ඇත. දුහුවිලි නොරැදෙන ඇඳුම් පැළඳුම්, රෝගාබාධ පවතින ශාරීරික ස්ථානවලට සෘජුවම ප්‍රතිකාර කිරීමේ ක්‍රම ඒ ඔස්සේ බිහිවිය හැකිය.
අභ්‍යවකාශ පර්යේෂණවල ශීඝ්‍ර දියුණුවත් සමඟ අනාගතයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානවල ජීවත් වීමේ අවකාශයක් ද ඇතිවිය හැකිය.
මේ අනුව තාක්ෂණවේදී යෙදවීම් තුළ ඇතුළත් තාක්ෂණය වෙනස්වීමේ ශීඝ්‍රතාව දෙස බැලීමේ දී අනාගතය බොහෝ සෙයින් වර්තමානය අභිබවා යනු ඇත.