ස්වභාවික සම්පත් ක්ෂයවීම
 

ස්වභාවික සම්පත් අතරින් බොහෝ දේ භාවිතයෙන් පසු පුනර්ජීනනීය නොවේ. පොසිල, ඉන්ධන, අමුද්‍රව්‍ය හා ඉන්ධන ලෙස අධිකව භාවිත කිරීම නිසා ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතී.


ඇතැම් දුර්ලභ සත්ත්ව විශේෂ, පරිසර දූෂණය හේතුවෙන් හා තාක්ෂණික ක්‍රියාකාරකම් හේතුවෙන් ද වඳ වී යයි. දුණු ඊතල මඟින් දඩයම් කිරීමට වඩා තුවක්කු මඟින් දඩයම් කිරීම හේතුවෙන් සත්ව ගහණය ශීඝ්‍රයෙන් අඩු වීම හා රයිනොසිරස් වැනි සතුන් වඳ වී යාම නිදසුන් ලෙස දෙක්විය හැකි ය. කෘෂිකර්මයේ දී භාවිත කරන රසායනික පොහොර, වල් නාශක හා කෘමිනාශක නිසා ද ඇතැම් සත්ත්ව වර්ග වඳ වී යාම සිදුවේ.


මෙම තත්ත්වයන් නිසා අනාගත අවශ්‍යතා සඳහා සම්පත් නොමැති වීමේ අවදානමකට මිනිසා ගොදුරු වී ඇත. වර්තමානයේ බලශක්ති අවශ්‍යතාවට ස්වභාවික ආලෝකය හා සූර්ය තාපය, සිළඟ වැනි පුනර්ජීනනීය ශක්තීන් යොදාගැනීම අනාගත බලශක්ති අර්බුදයට විසඳුමක් දීමේ සුභදායි කටයුත්තකි.
(c) Shilpa Sayura Foundation 2006-2017