හරිත පරිසර තත්ත්වයන් තුළ වගා කිරීම සඳහා හොඳින් හිරු එළිය වැටෙන ලෙස වීදුරු වැනි පාරදෘශ්‍ය මාධ්‍යයකින් සෑදූ වහලක් සහිත නිවෙස් හරිතාගාර ලෙස හඳුන්වයි. මේවා මත හිරු රැස් පතිත වීමේ දී තාපය පිට වී යා නොදී රඳවා ගෙන හරිතාගාරය තුළ උෂ්ණත්වය බාහිර උෂ්ණත්වයට වඩා වැඩි අගයක පවත්වා ගනියි. මෙම ක්‍රියාවලිය හරිතාගාර ආවරණය (Green house effect) නම් වේ.
වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් හා මීතේන් වැනි වායූන් ද මෙවැනි හරිතාගාර ක්‍රියාවලියක නිරත වේ. අධෝරක්ත කිරණ ලෙස පෘථිවිය මත වැටෙන තාපයෙන් කොටසක් නැවත වායුගෝලයට පරාවර්තනය වෙයි. වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, මීතේන් හා ක්ලෝරීන් වායු මඟින් නැවතත් මෙම තාපයෙන් පොළොවට පරාවර්තනය කරයි. විවිධ තාක්ෂණික කාර්යයන් නිසා වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් හා මීතේන් සාන්ද්‍රණය වැඩි වී එමඟින් වැඩිපුර තාපය පෘථිවි වායුගෝලය තුළ රඳවා ගනියි. මේ හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යයි.
කාර්මික විප්ලවයේ සිට මේ දක්වා ගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය 30%කින් පමණ වැඩි වී තිබෙන අතර මීතේන් ප්‍රතිශතය දෙගුණයකින් වැඩි වී ඇත.