මීට වසර කිහිපයකට පෙර පැවැති සංස්කෘතික ලක්ෂණ සමඟ වර්තමාන ලක්ෂණ ගැළපීමේ දී බොහෝ රටවල සංස්කෘතියේ දැඩි වෙනස් වීමක් තාක්ෂණවේදයේ බලපෑමෙන් සිදුවී ඇති බව පෙනී යයි.
දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ විවිධ රටවල සංස්කෘතික ලක්ෂණ විකාශණය වීමෙන් බොහෝ රටවල ඇඳුම් පැළඳුම් ද වෙනස් වී ඇත. ජපානය වැනි රටවල සාම්ප්‍රදායික ලක්ෂණ වර්තමානයේ බොහෝ සෙයින් ගිලිහී ගොස් ඇත.
එමෙන් ම ශ්‍රී ලංකාවේ සරල ජීවන රටාවකට හුරු වූ හා ගොවිතැන හා බැඳුණු ගැමි සංස්කෘතිය මේ වන විට වෙනස් වී ඇත. අවශ්‍යතා හා වුවමනා වර්ධනය වීම හා තාක්ෂණවේදී විකාශය සමඟ නව නිමැවුම් අත්පත් කර ගැනීම උදෙසා ආර්ථිකය ගොඩ නඟා ගැනීමට ජීවිතය කාර්ය බහුල කරගෙන ඇත.