සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අවශ්‍යතාවන්ට නව තාක්ෂණික ශිල්පීය ක්‍රම හඳුන්වා දීමත් නූතන සෞඛ්‍ය උපකරණ නිෂ්පාදනය මඟින් රෝග හඳුනා ගැනීමේ පහසුව සැලසීමත් නිසා මරණ අනුපාතය පහළ මට්ටමක පවතී.
මෙහිදී තාක්ෂණවේදී යෙදවුම්වල අතුරුඵල ලෙස පරිසරයට එක්වන විවිධ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් රෝග හා ආබාධ ද ඇති නොවෙනවා ද නොවේ. උදාහරණයක් ලෙස දෙවන ලෝක යුද්ධයේ දී ඇමරිකාව, ජපානයට හෙලූ න්‍යෂ්ටික බෝම්බයේ විකිරණශීලි ද්‍රව්‍ය හේතුවෙන් බොහෝ දෙනෙකු විවිධ ආබාධයන්ට ගොදුරු විය.
කර්මාන්තවලින් පිටවන කාබන් මොනොක්සයිඩ් වැනි වායු නිසා වායුගෝලීය සංයුතිය වෙනස් වේ. එයින් ස්වසන ආබාධ ඇති වෙයි. අධික ශබිදය ඇති කරන කර්මාන්තශාලා නිසා මිනිසාට ශ්‍රව්‍ය ආබාධ ඇතිකිරීමටත්, මානසික ව්‍යාකූලතා ඇති කිරීමටත් හේතු වේ.
පවුල් සබඳතා : දුරකථනය හා අන්තර්ජාලයට සම්බන්ධ කළ පරිගණක, දුරින් සිටින අය සමීප කිරීමට සමත් වී ඇත. ඔවුන් සමඟ සැණින් සම්බන්ධ වීමේ හැකියාව එයින් ලැී ඇත.