මිනිසා අත් ආයුධ වලින් වැඩකිරීමේ දී ඉටුකළ හැකි කාර්යය 0.1 පමණ වූ අඩු ජවයකි. නමුත් අශ්ව බල 100, 200, 1000 තරම් යන්ත්‍ර භාවිත කිරීම මඟින් ඉතා ඉහළ ජවයකින් කාර්යය ඉටුකළ හැකි වී තිබේ. යන්ත්‍ර සමඟ වැඩකිරීමෙන් ගුණාත්මකව කාර්යය කළ හැකි සේම කාලය අපතේ යාම හා නිෂ්පාදන හානි ද අවම කරගත හැකිය. මේ නිසා තාක්ෂණවේදය තුළින් ඉහළ නිෂ්පාදන ධාරිතාවක් හා ඵලදායිතාවක් ලබා ගැනීමට හැකි වී ඇත.
මෙතුළින් ආර්ථික වර්ධනයට මංපෙත් විවර කර ඇත. මේ සමඟ ම ඇතැම් රැකියාවන් අනවශ්‍ය වීමත් හා නව රැකියා අවස්ථා බිහිවීමත් නව දැනුම හා කුසලතා මතුකර ගැනීමටත් හැකිවේ.