තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය වෙනස් වීම
 

ඓතිහාසික යුගවල දී ස්වභාවික ජල මූලාශ්‍ර අනුව ප්‍රජා ව්‍යාප්තිය සිදු වී ඇත. වර්තමානයේ දී තාක්ෂණය බහුල ව භාවිත වන ප්‍රදේශ හා රටවල්වල ආර්ථික කටයුතු පුළුල් වී ඒක පුද්ගල ආදායම ඉහළ යන තත්ත්වයක් පවතී. එනිසා වර්තමානයේ ප්‍රජාව විශාල ලෙස තාක්ෂණය මත දියුණු වූ රටවල්වලට හා නගරවලට සංක්‍රමණය වන බව පෙනෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017